එක දවසක්

හිමිදිරියේ එකවරම ඇසුනු සද්දයක් නිසාවෙන් මා නින්දෙන් අවදි වූයෙමි.ඒ අන් වෙන කිසිවක හඩක් නොවේ මාගේ දුරකතනයේ හඩයි.

"හෙලෝ කවුද මේ ?"

"කොහොමද ඔයාට අදුරගන්න බැරිද මාව?"

ජීවිතයේ කෙදිනකවත් අමතක නොවන මිහිරිතම කටහඩක් දුරකතනයෙන් ඇසෙන්නට විය.ඒ කටහඩ කෙසේ මා අමතක කරන්නද.එකවරම ජීවිතය රැගෙන ගියේ අවුරුදු ගානක් පරණ සුන්දර වූත් දුක්බරවූ අතීතතයක් වෙතය.

"හෙලෝ... හෙලෝ !!! අදුරන්න බැරිද..? " (බීප් බීප් බීප්)

මම ඇමතුම විසන්දි කරෙමි.මට මුවින් පිටකරගැනීමට තරම් වදන් පැමිනියේ නැත.නැවතත් දුරකතනය නාද වන්නට විය.එය අතට ගත් මම මදක් වේලා ඒ දෙස බලා සිට නැවතත් ඇමතුම විසන්දි කර දමා දුරකතනයද ක්‍රියාවිරහිත කර කොට්ටය යටට දැමුවේය.

වසර ගනනක් පැරණි අතීකයක් වෙත සැනෙකින් මගේ හිත දුවන්නට විය.නැවතත් කොට්ටය යටට අත දැමූ මම දුරකතනය අතට ගෙන එය නැවත පනගන්වා ඇයගේ දුරකතන අංකය ඇමතූවෙමි.

"මොකද කට් කලේ..?"

"නෑ... නිකන් මට කියන්න මුකුත් නැතිවුනා.ඒකයි කට්කලේ."

"ඉතින් කොහොමද අවුරුදු සරුයිද.? ශොපින් ගියාද?"

"නෑ... තවම නෑ.."

"ඒක නෙමෙයි මන් අද ඔයාගේ ආර්ටිකල් එකක් දැක්කා පත්තරේ."

"ආ..ඒකද එකපාර මාව මතක්වුනේ..? "

"ම්ම්ම...ඒකත් එක හේතුවක් තමයි..නිකමට වගේ ගත්තේ.ලස්සනයි ඒ ආර්ටිකල් එක."

"තැන්කිව්.."

"මන් එහෙනම් තියන්නම්.."

"ආ.. හරි බුදුසරණයි.. !!!"

ජීවිතය සහ කාලය අපට කොයිතරම්නම් සරදම් කරයිද..වරක් දෙවරක් නොව දහස් වරක් අප ඒ සරදමට අහුවන පව්කාරයන්ය.ඇද මතම සිට අතීතයට ගිලුනු මම ඇය සමග ගතකල සුන්දර අතීතයගැන මදක් සිතන්නට විය.ඇය මට අහම්බෙන් හම්බුනා සේම අහම්බයකින් තොරව මගෙන් සමුගත්තේය.

එදා මාගේ කතාවලට "ශා ලස්සනයි..ඔයත් දැන් රයිටර් කෙනක් " කියූ ඇය අද මගෙන් ඈත්ව බොහෝදුර ගොස්ය.බොහෝ වේලා කල්පනාවේ ගිලුනු මම මතකයේ රැදුනු එක් දිනක් ගැන සිහිකරන්නට විය.

"අද හවසට මන් ඔයාව මීට් වෙන්න එනවා.ඔයාට මුකුත් වැඩ තියෙනවද..?" ජංගම දුරකතනයේ වූ කෙටිපණිවිඩයකි.

"නෑ මට මුකුත් විශේෂ වැඩක් නෑ..හැබැයි දැන් ඔයා එන නිසා විශේෂයි වගේ." යනුවෙන් මා එයට පිළිතුරු යැවූවෙමි.

"හරි මන් ඔයාලගෙ යුනි එකට එනවා 3ට විතර" නැවතත් මට කෙටි පණිවිඩයකි.

හවස් යාමයේ ඇය කියූ වෙලාවට මම අප පීඨය අසල තිබූ තෙල් බැම්ම මතට වී ඇය එනතුරු මග බලා සිටියේය.ඈත දුර ඇය එනු දුටු මම ඇයගේ පියවර දෙස ආසාවෙන් බලා සිටියේය.ඇය කෙතරම් ලස්සනයිද ඇය මටම කියා මේ ලෝකය මෑවූවාද මා මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය.

"හායි..කොහොමද මම පරක්කුයිද.? "

"අපෝ නෑ ඔයා වෙලාවටත් කලින්ම ඇවිල්ලා..මොකද හදිසියේ එකපාරටම මාව හම්බවෙන්න ඕන කිව්වේ..? "

"ම්ම්ම..ඒක මේ.. ඒක නෙමෙයි ඔයා රිසාල්ට් බැලුවද..? "

"ඔව්.."

"මොකද දුකෙන්..."

"මේ පාරත් සබ්ජෙක්ට් දෙකක් ඩවුන්.."

"මොකක්ද අනේ දැන් ඔයි කී වෙනි පාරටද.."

"හම්ම්ම් ඒකනේ.. අනේ මන්දන් නෑ.."

"ඔයා ලියන ලියන හැම විභගෙම ඔයා ඩවුන්නේ..කොහොමද ඒ ලෙවල් පාස්වෙලා කැම්පස් ආවේ..? "
ඇය සිනහවක් පා මට එසේ පැවසුවෙමි.

"අනේ මන්දා ඒකතමයි මටත් තියෙන පුදුමේ..මන් හිතන්නේ එක්කෝ පේපර් බලපු කෙනාට වැරදිලා එහෙමත් නැත්නම් රිසාල්ට් දාපු කෙනාට වැරදිලා..නැතුවනම් මාව පාස් වෙන්න විදියක් නෑ.."

දිගුවේලාවක් වල් පල් දොඩවමින් අප දෙදෙනා සිනහසෙන්නට විය.ඇයගේ දීප්තිමත් නෙත්දෙස බලන විට මට ඇයගේ මුවින් ඒ බැල්ම ඉවතට ගැනීමට තරම් ශක්තියක් කෙදිනකවත් නොවීය.

"මොනවද පිස්සෝ ඔය හැටි බලන්නේ..? "

"මන් මේ ඔයාගේ ලස්සන බැලුවා.."

"අනේ යනවා යන්න මෝඩයා.."

"ඒක නෙමෙයි ඇයි හදිසියේ මාව හම්බවෙන්න ඕන කිව්වේ.?"
මා නැවතත් ඇය හදිසියේ පැමණීමට හේතු අසා සිටියේය.

"ම්..හම්ම්..ම් මේකයි හේතුව.මන් ඊයේ ඔයාගැන අපේ ගෙදරට කිව්වා."

"ඉතින්..!! "

ඇය කදුලු සලන්නට විය.ඇයගේ දෙනෙත්වලින් රූරා වැටෙන කදුලු බිදු පිසින්නට මා සතුව තිබූ ලේන්සුව ප්‍රමාණවත් නොවන තරමට ඇය කදුලු හෙලන්නට විය.

"අඩන්නේ නැතුව කියන්න ළමයෝ..."

"එයාලා ඔයාට කැමති නෑ..තාත්තා කියනවා ඔයා අපේ පව්ලට ගැලපෙන්නේ නෑලු..,ඒ අය බලාපොරොත්තු වෙන්නෙ, හොද ජොබ් එකක් තියෙන කෙනෙක්..එයාලා දැනටමත් මට ප්‍රපෝසල් එකක් ගෙනත්.. "

"ඉතින් ඩිග්රිය ගත්තට පස්සේ මටත් ජොබ් එකක් කරන්න පුලුවන්නෙ ළමයෝ..ඔයාට පුලුවන්නේ ඒකට අකමැති වෙන්න."

"ඒ උනාට බලන්න ඔයා දිහා ඔයා හැමදාම විභාග ෆේල්.ඉගෙනගන්න උවමනාවක් ඇත්තෙම නෑ.." ඇය රළුබසින් කියාසිටියේය..

"කවදද ඔයා ඔය ලියන එක අත්තරින්නේ..?ඔයා උවමනාවෙන් කරන්නේ ඒ දේ විතරමයි..ඔයා ලිය ලියම ඉන්න ඔයාට මාව අයිතිකරගන්න උවමනාවක් ඇත්තේ නෑ..ඔයි විදියට ලියලා විතරක් ඔයාට පුලුවන්ද අපට ඕනේකරන හැමදේම ලන්කරගන්න.."

"ඉතින් ළමයෝ මන් දන්නේ ලියන්න විතරයි..ඇත්තටම මන් ඉගෙනගන්න දක්ෂ නැතුව ඇති..ඒත් මට හැකියාව තියෙන්නේ එක දෙයකටයි..ඒ තමයි ලියන එක..ඒක මන් ආසාවෙන් කරන්නේ..කොහොමද මන් ලියන එක නතර කරන්නේ..? "

"ඔයාට ඔනේ මාවද නැත්නම් ලියන එකද?"

"මට ඔයාව ඕනේ..ඒත් මන් අදත් ලියයි හෙටත් ලියයි ජීවිතේ තියෙන තාක්කල් ලියයි...ඒක ම‍ගේ ජීවිතේ වෙලා...මට පුලුවන් ලියන එක විතරයි.."

"හරි එහෙනම් ඔයා හැමදාම ලිය ලිය ඉන්න.මට බෑ අම්මා තාත්තා අකමැති දෙයක් කරගන්න.මන් යනවා යන්න..ආයෙම කවදාවක් මන්ගැන හිතන්න එපා..මගේ පස්සෙන් ඇවිත් වද දෙන්නත් එපා.."

"එහෙම කියන්න එපා.."

"වෙන විසදුමක් නෑ මේකට."

"මට ලියන එක නවත්තන්න කියන්න එපා..ඔයාට ඒක වදයක්නම් ඔයා තරහා වෙලා යන්න ඕනේ නෑ..මන් ඔයාගෙන් ඈත් වෙන්නම් ඔයා සතුටින් ඉන්න.."

"ඔව් ඒක තමයි හොදම දේ..මන් යනවා යන්න."

ඇය අවසානයට පැවසුවේ එපමනය.එකවරක්වත් පසුපස නොබලා ඈතට ඇදෙන ඇය දෙස කදුලු පිරුනු දෙනෙතින් මා බලාසිටියේය..ඇය නොපෙනී යනතෙක්ම මට එම ස්තානයෙන් නැගිටින්නටවත් සිත් නොවීය.

ඇය කෙසේ ඇගේ සිත එතරම් දැඩිකරගත්තාද මට අදටත් එය පුදුමයකි..අද ඇය මගෙන් නික්ම බොහෝදුරක් ගොස්ය.දෙමව්පිය කැමැත්තට අද ඇය වෙනෙකුගේ තුරුලේ ජීවිතය ගත කරයි නමුත් ඇය සමග ගෙවූ සුන්දර අතීතයන් සමග මන් අදටත් වේදනාව සගවාගනිමින් පත්තර පොත්පත් ලියමින් ජීවිතය ගතකරයි..

දිගු සුසුමක් හෙලූ මම ඇදෙන් නැගිට නානකාබරයට ගියේ සිදුවූ සියල්ල අමතක කළ නොහැකිවුනත් දවස ගතකිරීමට සියල්ල තාවකාලිකව සෝදා දැමීමටය..

"ලන්වන්නට නොහැකි ලෙසින්
වෙන්වූවත්,
සදාකාලික මතකයක් ඉතුරුකර...
නුඹ යන්න ගියත්..
අදටත් මම,
ඒ මතකයන් තුළ
තැනූ ඒ සිහින වල..
දිවි ගෙවමි සැමදා,
ආදරෙන් නුඹට..."


නිමි..

(මනක්කල්පිත කතාවකි)
Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment