සෙල්වි

එය දුම්රියේ මගීන් අඩු ආසන ගණනට පමණක් මගීන් සිටි නිදහස් දවසකි.වෙනදාට චිරි චිරියේ තද වී සෙනග අතරේ අමාරුවෙන් රුහුණු කුමාරි දුම්රියෙන් මා ගාල්ල බලා පැමිනෙන්නේ අදික තෙහෙට්ටුවකිනි.නමුත් අද දවස එසේ නොවීය.පෙරදා මෙන් සෙනග නැති බැවින් මා වීදුරුව අසල අසුනකින් අසුන්ගෙන දිග සුසමක් හෙලුවේය.
පුරුදු පරිදි ජංගම දුරකතනයේ ගීතයක් දාමා හෙඩ්ෆොන් කනේ ගසාගත් මම මනෝ ලෝකයේ සැරිසරමින් සිටියේය.මා ඉදිරිපස අසුන තවමත් හිස්ය.වේදිකාවෙන් ඇසුනේ "රුහුණ කුමාරි දුම්රිය තව ස්වල්ප වේලාවකින් මාතර බලා පිටත්වීමට නියමිතය..එය නවත්තනුයේ.." කියාය..
කඩිමුඩියේ දිවගෙන ආ රූමත් යුවතියක් කලබලයෙන් යුතුව මා ඉදිරිපස අසුනෙන් ඉදගත්තේය.ඇය සතුව විශාල ගමන් මල්ලක් විය.ඇයට එය දුම්රියේ ගමන්මලු තියන තැන තැබීමට නොහැකි එබැවින් මම ඒ සදහා ඇයට උදව් කලේය.ඇය රූමත්ය.ඇයගේ දිගු කොන්ඩය වටා විවිදාකාරයේ අලංකාර මල් වැල් ඔතා තිබුනි.අත්වල අදින ලද කුංකුම ඇය තවත් ලස්සන කරන්නේය.අත් දෙකෙහි වර්ණවත් වළලුය.නළල මැද පුංචියට තබා ඇති තිලකයෙන් සහ අනිකුත් ලක්ෂණ වලින් ඇය දමිළ යුවතියක් බව මම අනුමාන කරේය.
ඇය මා ඉදිරිපස අසුනේ වීදුරුව අසලට වී මහත් උනන්දුවෙන් යුතුව එළිය බලාගෙන සිටියේය.හූ හඩ මැදින් දුම්රිය ගමන් ආරම්භ කරේය.පුදුමයකි අසුන් දෙකට වෙනත් කිසිදු මගියෙකු නොපැමිනියේය ඒ තරමටම දුම්රිය නිහඩය නිස්කලංකය මගීන් රහිතය.
මා ගීතයක් රස විදින අතරතුරේ ඇගේ සුකුමාල ගතිපැවතුම් නිරීක්ෂණයේ යෙදෙන්නට විය.අවස්තාවට සරිලන පරිද්දෙන්ම එවිට මට ඇසෙන්නට ලැබුනේ කපුගේ මහතාගේ මන් මුලාවී පාර අසාගෙන කතරක් අතරින් යන ගමනේ ගීතයය.
ඇය මා දෙස බලා සිහින් සිනාවක් හෙලුවේය.
ඇය සමග වචනයක් හෝ කතා කිරීමට මට සිතුනි.දුරකතනය සාක්කුව තුළට දමාගත් මම ගීත ඇසීම පසෙකලා ඇයගේ තොරතුරු දැනගැනීම පිනිස සූදානම් විය..කෙසේ පටන්ගන්නද මට සිතාගත නොහැක.
"කොහේටද යන්නේ? " මම ඇයගෙන් ඇසුවේය.
ඈ මා දෙස බලා සිනාවුනේය.නමුදු එක් වචනයක්වත් ඇයගේ මුවින් පිට නොවීය.
මම නැවත ඇය දෙසට හැරුනි "කොහේටද යන්නේ?"
ඇය සිනහවිය "සිංහල ඉල්ලේ " යනුවෙන් ඇයගේ මුවින් පිටවිය.මාගේ නිරීක්ෂණය නිවැරදිය.ඉතින් කෙසේ විස්තර දැනගන්නද ඇයට සිංහල කතා කිරීමට නොහැකිය.
දුමිරිය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.දෙපැත්තට පැද්දෙන ඇය දෙස මා නොයිවසිල්ලෙන් බලා සිටියේය.ඇයගේ අත තිබූ ගමන්මල්ලකට අත දැමූ ඇය යමක් සොයන්නට විය.කොලයක ඔතා තිබූ යම්කිසි දෙයක් ඇය පිටතට ගත්තේය.උකුල මත තබා එය දිගඇරී ඇය එහි තිබු රොටියක් මා අතට දුන්නේය.
"ඉස්තූතියි."
එයින් කෑල්ලක් කඩා කටේ දමාගත් මම "මේවා මාර රසයි" කියා ඇයට කිව්වේය.ඇය සිනහවිය..
"ඉස්තූතිය "යනුවෙන් ඇයගේ මුවින් පිටවිය.
"ඉස්සෙල්ලා කිව්වේ එතකොට සිංහල බෑ කියලා."
"ආ..ඒ විහිලුවට කිව්වේ."
"හරි විහිලුම මන් හිතුව සිංහල වචනයක්වත් බැරුව ඇති කියලා.මම නුවන් ඔයා?"
"මම සෙල්වී"
"ඔයා මොකද කරන්නේ."
මම ඇය සමග දිගු වේලාවක් තොරතුරු හුවමාරු කරගත්තේය.ඇය කතා කරන විලාසය අහන්ඉන්නට ප්‍රිය ජනකය.වචන උච්චාරනය අසා සිටීමට ආස හිතෙයි.මා ඇය සමග කුලුපගු වන විට කාලය ගෙවීගියේ මටත් නොදැනීමය.ඇයගේ පළමු දැක්මත් දමගම සිත තුලින් යම්කිසි දෙයක් ඇයට පැවසීමට නොහැකිව කකියන්නට විය.එය කුමක්දැයි සිතාගැනීමට මටවත් නොහැකි විය.
"ඔයා මේ කොහෙද යන්නේ බරටම බෑග් වගේකුත් එල්ලගෙන."
"ඒක දිග කතාවක්.ඒ දවස්වල අපි හිටිය ගමේ යුද්දේ තිබුනා.කොටි ඇවිත් මගේ මල්ලිව යුද්දෙට අරන්ගියා අදටත් මල්ලිට මොකදවුනේ කියලා මන් දන්නේ නෑ.දවසක් මහ රෑ දොළහට විතර අපේ ගමට කොටි ගැහුවා.හැමෝම කෑ ගගහා හැම තැනම දුවන්න ගත්තා කොටි ඇවිත් මගේ අම්මයි අප්පයි දෙන්නවම අල්ලගත්තා.මට අප්පා කිව්වේ දුවන්න කියලා මන් දුවල එදා රෑ එලිවෙනකොට සිංහල මිනිස්සු ඉන්න ගමකට ඇවිත් හමුදාවට භාරවුනා.එදායින් පස්සේ මන් අප්පවයි අම්මවයි කවදාවක් දැකලා නෑ."
ඇය කදුලු සලන්නට විය.ඇයගේ මුවින් පිටවන වදන් සමගින් ඇයගේ දෙඇසින් එළියට රූරා වැටෙන කදුලු ඇයගේ දෙකොපුල් තෙත් කරන්නට විය.ඇත්තෙන්ම එය අසා සිටි මටද කදුලුක් ඉනුවේ මටත් නොදැනිමය.ඇය බෑගයෙන් එළියට ගත් පින්තූර කැබැල්ලක් මට දිගුකලේය.
"මේ ඉන්නේ මගේ අම්මයි අප්පයි මල්ලියි.මට දැන් ඉතිරි මෙච්චරයි.එදා හමුදාවට භාරවුනාට පස්සේ එයාලා මාව හොස්ටල් එකකට දුන්නා.මෙච්චරකල් මන් එතන හැදුනා වැඩුනා.මට අම්මගෙයි අප්පගෙයි අඩුව පුරවන්න හිටියේ එතන අපිව බලාගන්න හිටිය සිස්ටර් කෙනෙක් විතරයි."
ඇයගේ කදුලු පිරුනු දෙනෙත දෙස මද වෙලාවක් මා බලා සිටියේය.දෙදෙනාම මිනිත්තු කිහිපයක නිහැඩියාවකට ගිලුනේය මගේ දෑස් ඇයගේ දෙනෙත් වල ඉවතට ගැනීමට මට නොහැකිවිය.ඒ තරමටම ඇය රූමත්ය ඇයද මාගේ දෙනත් දෙස බලා සිටියේය.මිනිත්තු කිහිපයක් අපි එකිනෙකට දෙනෙත් වලින් කතා කලේය.
ඇයගේ දෙනෙත්වල සටහන් වූයේ ලෙන්ගතු ආදර අහිංසක රූපයකි.ඇය මුවින් නොකීවත් දෙනෙතින් යමක් කියන්නට විය.එය ඇත්තෙන්ම කුමක්ද.මා මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය.ඇය පිළිබද අහිංසක ආදරයක් මා සිත තුළද දළුලමින් තිබුනි.නමුත් මම එය ඇයට නොකියා සිටියේ ඇය මට හමුවූ පළමු දිනය මෙය බැවින්ය.
"මා එකවරම නිහැඩියාව බිදිමින් දැන් ඔයා මේ කොහෙද යන්නේ.?"
"මන් මාතර දෙවිනුවර යනවා අම්මයි අප්පයි මල්ලියි වෙනුවෙන් භාරයක් ඔප්පු කරන්න.මෙච්චරකල් ඒක කරන්න හිතේ තියන් හිටියත් මට ඒ දේ කරගන්න බැරිවුනා.අද තමයි ඒකට අවස්ථාවක් හම්බවුනේ."
ඇය සමග භාරය ඔප්පු කරන්නට යෑමට මටද සිත්දෙන්නට විය.නමුත් මා එය කෙසේ ඇයගෙන් අසන්නද.ගොලු හදවතකින් යුක්තව මා ඇය දෙසම බලා සිටින්නට විය.එකවරම හූ හඩක් සමග ඇසුනු ශබ්දයෙන් මාගේ සිතුවිලි බිද දැමුවේය.
"මේ ඔබ ලගාවූයේ ගාල්ල දුම්රිය ස්ථානයටයි..."
ඇය හැරයාමට වෙලාව පැමින ඇත නමුත් හිත තුල ඇයව හැරයාමට කිසිදු ආසාවක් නොවීය.මන් ඇයව පසුව කෙසේ හෝ හමුවෙනවා මන් දැඩිසේ අදිශ්ඨාන කරගත්තේය.
"මට ඔයාගේ ෆොන් නම්බර් එක දෙන්න පුලුවන්ද.?"
"මට ෆොන් එකක් නෑ.මන් දැන් ඉන්නේ යාපනේ හොස්ටල් එකක යාපනේ ආපු වෙලාවක මාව බලලා යන්න එන්න"
යැයි පවසමින් ඇය බෑගයෙන් කොලයක් සහ පෑනක් ගෙන එහි ලිපිනය ලියා එය මා අත තැබුවේය.මට නොදැනීම මා ඇයගේ අත අල්ලාගත්තේය.ඇය ලැජ්ජාශීලි සිනහවකින් මා දෙස බැලුවේය.ඒ සියුමැලි අත අත්හැර යාමට මට කිසිසේත් සිත් නොදෙන්නට විය.ඒත් මට ඇය සමග සිටීමට මෙය කාලය නොවීය ඒ සදහා කාලය හරස් විය.
ඇයගේ අත අතහැර මා දුම්රියෙන් එළියට පැමිනියේය.වේදිකාවේ ඇය සිටි කවුලුව ලගට ගිය මම ඇය දෙස නැවතත් බැලුවෙමි.පසුම්බියෙන් එලියට ගත් මාගේ දුරකතන අංකය ඇය අත තැබුවේය.
"එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න" ඒ වදන් මා මුවින් පිටවූයේ මටත් නොදනීමය.
"එන්නනම් බෑ කවදහරි ආයෙ හම්බවෙයි කියලා හිතන්නම්."
හූ හඩ නගමින් දුම්රිය ගමන් ආරම්භකලේය.මා ඇයගේ අතින් අල්ලාගෙන දුම්රියත් සමග වේදිකාව දිගේ ඇවිදින්නට විය..දුම්රිය වේගවත් විය.මට ඇයගේ අත අත්හැරීමට සිදුවිය.කවුලුවෙන් එළියට මුහුන දැමූ ඇය අත දිගු කරමන් මට අත වැනුවේය.දුම්රිය ඈත කොනේ නොපෙනී යනකන්ම ඇයද මාද එකිනෙකට බලා සිටියේය.
"හැරයන්න නොසිතුවත් මම
දිනක යලි හමුවේවි
පෙම් වදන් මුමුනන්න
ඔය ඇස් එක්ක කතාකරන්න
දින ගනිමි ඒ දිනට
යළි ඔබව හමුවන්න"
Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment